ප්‍රවේශ පහසුකම් සම්බන්ධ විගණනය
2026 අයවැය මඟින් ,ආබාධ සහිත තැනැත්තන් වෙත ගොඩනැගිලි සඳහා ප්‍රවේශ වීම සඳහා පහසුකම් සැලසීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතෙහි පිහිටා ඇති ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය වෙත රුපියල් මිලියන 1000 ක් වෙන් කර ඇත.ඒ අනුව මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්‍යන්තර පදනමේ (I F E S ආයතනය) මූල්‍ය දායකත්වයෙන් ප්‍රවේශ පහසුකම් විගණනයක් බත්තරමුල්ල සෙත්සිරිපාය 1 හා 2 අදියරෙහි 2026.06.09 දින සිදු කරන ලදි






