වි‍ශේෂ අවස්ථා

04 Jun2026

ආබාධ සහිත මහ ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන නොමිලයේ ඇස් කණ්නාඩි ලබාදීමේ ජංගම සේවා වැඩසටහන-2026               

ජාතික වෙසක් සතියට සමගාමීව තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යල බල ප්‍රදේශයේ මිදෙල්ලවල පුරාණ විහාරයේදී ,  දෘශ්‍ය ඌනතා සහිත පුද්ගලයින් 232    ක් සඳහා ඇස් පරීක්ෂාකර, නොමිලේ ඇස් කණ්නාඩි ලබා දීම සිදු කරන ලදි.

29 May2026
ආබාධ සහිත පුදගලයන් රැකියාගත කිරීමේ රජයේ වැඩසටහන Next Dream ඇරඹෙයි.
 
ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශය යටතේ ක්රියාත්මක ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මගින් ක්රියාත්මක ආබාධ සහිත පුද්ගලයන් රැකියාගත කිරීමේ Next Dream වැඩසටහන යටතේ ආබාධ සහිත පුද්ගලයන් සහ සේවා යෝජක ආයතන ලියාපදිංචි කිරීම සඳහා වූ අයදුම්පත අන්තර්ජාලයට යොමු කිරීම හා Next Dream වැඩසටහන පිළිබඳව මාධ්ය දැනුවත් කිරීම මැයි (22) පස්වරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ අමාත්‍ය උපාලි පන්නිල මහතාගේ ප්රධානත්වයෙන් ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීමේ අමාත්යාංශ ශ්රවණාගාරයෙදී පැවැත් වුනා.
 
"පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" ප්රතිපති ප්රකාශයේ සඳහන් යුක්තිසහගත සම ප්රවේශයක් නිර්බාධිත සමාජ ජීවිතයක් යන ප්රතිපත්තියේ පිහිටා ක්රියාතමක වැඩසටහන් අතර ප්රමුඛ වැඩසටහනක් වන ආබාධ සහිත පුද්ගලයන් රැකියාගත කිරීම සඳහා 2026 අයවැයෙන් රුපියල් මිලියන 500ක් වෙන් කරන ඇති බවත්. ඒ අනූව ආබාධ සහිත පුද්ගලයෙකු රැකියාව සඳහා බඳවාගන්නා සේවා යෝජක ආයතනයට මාසයකට රුපියල් 15000ක උපරිමයකට යටත්ව ඔහුගේ වැටුපෙන් අඩක් මාස 24ක් ගෙවීමට සැලසුම් කර ඇති බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ අමාත්‍ය උපාලි පන්නිල මහතා එහිදී අදහස් දක්වමින් සඳහන් කළා.
 
තවද ජන ලේඛණ හා සංඛ්යා ලේඛණ දෙපාර්තමේන්තු දත්තයන්ට අනූව බරපතල ආබාධ සහිත පුද්ගලයන් 721000ක් පමණ ශ්රී ලංකාවේ සිටින බවත් ඉන් අඩු ආදායම් ලාභී පවුලවල පුද්ගලයන් 171000කට පමණ මාසිකව රුපියල් 10000ක ආධාර මුදලක් ලබාදෙන බවත් පෙන්වා දුන්නා. එමෙන්ම ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්රවේශ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් පොලිස් ස්ථාන, රෝහල් ආදී රාජ්ය ආයතන සඳහා ප්රවේශ පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1000ක් වෙන් කර ඇති බවද සඳහන් කළා.
 
පාර්ලිමේන්තු මන්ත්රී සුගත් වසන්ත ද සිල්වා මහතා මාධ්ය අමතමින් සඳහන් කළේ යැපුම් මානසිකත්වයෙන් මිදී අභිමානවත් පුරවැසියෙකු ලෙස ජීවත් වීමේ අයිතිය ආබාධ සහිත පුද්ගලයන්ටද හිමි විය යුතු බවයි. ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජ සවිබලගැන්වීම් අමාත්යාංශයෙන් ක්රියත්මක කර ඇති Next Dream වැඩසටහන ඒ සඳහා ඉවහල්වන බවයි.
 
මෙම අවස්තාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ අමාත්‍ය උපාලි පන්නිල මහතා, ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශයේ ලේකම් සම්පත් මන්ත්රිනායක මහතා, අතිරේක ලේකම් නාලිකා පියසේන මහත්මිය, අතිරේක ලේකම් ගාමිණී විජේසිංහ මහතා, කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධ අමාත්යාංශයේ අතිරේක ලේකම් සුසන්ත ජයතිලක මහතා, ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධයක්ෂ ජයමාලි වික්රමාරච්චි මහත්මිය, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ දර්ශණී කරුණාරත්න මහත්මිය, සේවා යෝජක ආයතන ප්රධානීන්, රාජ්ය නිලධාරීන් ඇතුළු පිරිසක් එකව සිටියා.
07 May2026
 ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ සභාවේ අප්‍රේල් හමුව.
 
ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශය යටතේ ක්රියාත්මක ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ සභාවේ හමුවක් පසුගිය සතියේ (අප්‍රේල් 29) ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශ ශ්රවණාගාරයේදී පැවැත්වුනා එම හමුවේදී පහත සඳහන් තීරණයන් ද ගනුලැබුවා.
 
ආබාධ සහිත තැනැත්තන් සම්බන්ධයෙන් වන ප්රවේශ පහසුකම් පිළිබඳ විගණනයක් සිදුකිරීමට තීරණය විය. ඒ සඳහා මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්යන්තර පදනම (IFES) සමඟ සම්බන්ධ වී සමාජ සේවා නිලධාරීන් වෙත මෙම විගණනය සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්ය පුහුණුව ලබාදීමටත්. ඒ අනුව ඉදිරියේදී ප්රවේශ පහසුකම් පිළිබඳ විගණනයන් සිදු කරන අතර මෙහි ආරම්භක විගණනය බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්රය ආශ්රිතව සිදුකිරීමටත් තීරණය කළා.
එමෙන්ම ආර්ථික ක්රියාවලියට සම්බන්ධ විය නොහැකි හා ඇඳ ගතව සිටින මස්තිස්කාඝාතය ඇතුළු වෙනත් උග්ර ආබාධ සහිත තත්ත්වයන්ගෙන් පෙළෙන ආබාධ සහිත ප්රජාව වෙනුවෙන් 2027 වර්ෂයේදී විශේෂ දීමනාවක් ලබාදීමට අවශ්ය සැලසුම් කිරීමට යෝජනා විය
.
තවද රජයේ ආයතන සහ පොදු ස්ථානවල ප්රවේශ පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන දහසක්(1000) වෙන් කර ඇති අතර, එම යටිතල පහසුකම් සංවර්ධනය සදහා ව්යාපෘති යෝජනා අදාල ආයතන බලධාරීන් සහ වගකිවයුත්තන්ගෙන් කඩිනමින් ලබා ගැනීමට තීරණය කරන ලදී.
ආබාධ සහිත තැනැත්තන් රැකියාගත කිරීම සඳහා වෙන් වූ රුපියල් මිලියන 500 සඳහා ලැබී ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට යෝජනා විය.
 
මෙම අවස්තාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ අමාත්‍ය උපාලි පන්නිල මහතා, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ සභාවේ ලේකම්, ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශ ලේකම් සම්පත් මන්ත්රිනායක මහතා, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ දර්ශනී කරුණාරත්න මහත්මිය, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජයමාලී වික්රමාරච්චි මහත්මිය සහ ජාතික මහ සභාවේ සමාජිකයන් එක්ව සිටියා.
06 Apr2026

රාජ්ය සේවකයන් සඳහා වන සංඥා භාෂාව පිළිබඳ සහතික පත්ර පාඨමාලාව සාර්ථකව නිමකළ කොළඹ දිස්ත්රික්කයේ රාජ්ය ආයතන සේවක මහත්ම මහත්මීන් සඳහා සහතිකපත් ප්රධානය

ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශය යටතේ ක්රියාත්මක ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය මගින් ක්රියාත්මක කරන ලද රාජ්ය සේවකයන් සඳහා වන සංඥා භාෂාව පිළිබඳ සහතික පත්ර පාඨමාලාව සාර්ථකව නිමකළ කොළඹ දිස්ත්රික්කයේ රාජ්ය ආයතන සේවක මහත්ම මහත්මීන් සඳහා සහතිකපත් ප්රධානය අද පෙරවරුවේ මාගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපාය, දෙවන අදියරේ, පළමු මහලේ පිහිටි ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශ පරිශ්රයේදී පැවැත්වුනා.
ශ්රවණාබාධ සහිත තැනැත්තන් සඳහා රාජ්ය ආයතන මගින් කාර්යක්ෂම හා සඵලදායී සේවාවක් සැපයීම වෙනුවෙන් මෙම ව්යාපෘතිය ඉතා වැදගත් බවත්. 2026 වර්ෂයේදී දිවයිනේ සෑම දිස්ත්රික්කයක්ම ආවරණය වන ලෙස මෙම පුහුණු පාඨමාලාව පැවැත්වීම සඳහා සැලසුම් කර ඇති බවද, සංඥා භාෂාව විශ්ව භාෂාවක් බවත්, ලෝකයේ සියළු දෙනාට සංඥා භාෂාව ප්රගුණ කිරීමට හැකියාව ඇත්නම් වෙනත් ශබ්ධ භාෂාවන් කිහිපයක් ප්රගුණ කිරීමට වඩා එය පහසු බවත්, ආබාධ සහිත පුද්ගලයන් ආර්ථික හා සමාජීය වශයෙන් තෘප්තිමත් හා ඔවුන්ට සමානව සලකන අන්තර්කරණය වූ සමාජයක් නිර්මාණය කිරීමේ රජයේ ප්රතිපත්තිය ජය ගැනීම සඳහා මෙම වැඩසටහන ඉවහල වන බවත් මා එහිදී සභාව අමත්මින් අවධාරණය කළා.
මෙම වස්තාවට ග්රාමීය සංවර්ධන, සමාජ ආරෂාණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශයේ ලේකම් සම්පත් මන්ත්රිනායක මහතා, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජයමාලි වික්රම ආරච්චි මහත්මිය, අතිරේක ලේකම් ( පාලන ) රාධා නානායක්කාර මහත්මිය, අතිරේක ලේකම් නාලිකා පියසේන මහත්මිය, අතිරේක ලේකම් ගාමිණී විජේසිංහ මහතා, රාජ්ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
 

Page 1 of 4