වි‍ශේෂ අවස්ථා

26 Dec2024

අඩු ආදායම්ලාභී දෘශ්‍ය ඌනතා සහිත ප්‍රජාව වෙනුවෙන් ළඟ පෙනීමේ අවශ්‍යතාවය සඳහා ඇස් කණ්නාඩි ලබාදීමේ වැඩසටහනක් 2024 .12.22 දින බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විය.ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවති මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් 636 දෙනෙකු සම්බන්ධ විය.

30 Dec2024

අඩු ආදායම්ලාභී දෘශ්‍ය ඌනතා සහිත ප්‍රජාව වෙනුවෙන් ළඟ පෙනීමේ අවශ්‍යතාවය සඳහා ඇස් කණ්නාඩි ලබාදීමේ වැඩසටහනක් 2024 .12.25 දින නිල්දණ්ඩාහින්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විය.ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවති මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් 788දෙනෙකු සම්බන්ධ විය.

07 Nov2025
  1. 10.25 දින කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ස්වශක්ති සංවිධාන විසින් සංවිධානය කරන ලද ඇස් කණ්නාඩි බෙදා දීමේ ජංගම සේවා වැඩසටහනක් පැවැත්විය. මේ සඳහා ප්‍රතිපාදන ලබාදීම හා මෙහෙයවීම ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය මගින් සිදුකළ අතර මේ සඳහා ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රමුඛව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගී විය. මෙහිදී ඇස් කණ්නාඩි 500ක් රෝද පුටු 01ක් හා කොමඩ් රෝද පුටු 01ක් බෙදා දීම සිදුවිය.
12 Mar2026
ආබාධ සහිත තැනැත්තන් උදෙසා වූ ජාතික සභාවේ 2026 වර්ෂයේ 2 වන මහා සභා රැස්වීම පෙබරවාරි 23 වැනි දින ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා බල ගැන්වීමේ අමාත්යාංශයේ රැස්වීම් ශාලාවේදී මාගේ සභාපතිත්වයෙන් පැවැත්වූ අතර, අමාත්යාංශ ලේකම් සම්පත් මන්ත්රීනායක, ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලයේ අධ්යක්ෂිකා ජයමාලි වික්රමාරච්චි, අමාත්යාංශ නිලධාරී මහත්ම මහත්මීන් සහ ජාතික සභාවේ සභාවේ සාමාජිකයන් මෙම අවස්ථාවට සහභාගිවුනා.
රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් වූ සහ ගනු ලැබූ විශේෂ තීරණ.
01. වකුගඩු රෝගීන් සඳහා ජීවනාධාර ගෙවීමේදී භාවිත කෙරෙන වෛද්ය වාර්තා පිළිබඳව සෞඛ්ය අමාත්යාංශයත් සමඟ නැවත සාකච්ඡා කිරීම.
02. ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් භාවිතා කළ හැකි පාරිභාෂික වචන මාලාව සකස් කිරීම.
අනු කමිටුව විසින් එවැනි පාරිභාෂික වචන/ යෙදුම් 75 ක් යෝජනා කර ඇත.
මේ පිළිබඳව සභාවේ සාමාජික සාමාජිකාවන්ට තම අදහස් ලබාදීම සඳහා අමතර සති දෙකක කාලයක් ලබා දෙන ලදි.
එසේම මූලික වශයෙන්, ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීම සඳහා භාවිතා කරන ප්රධාන යෙදුම් 11 ක් හඳුනාගත් අතර ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව තොරතුරු සන්නිවේදනය කිරීමේදී එම යෙදුම් ඉදිරියේදී යොදාගන්නා ලෙස සියලුම රාජ්ය ආයතන, මාධ්ය ආයතන හා සංවිධාන දැනුවත් කිරීම.
03. රෝද පුටු පරිත්යාගය සහ ජාතික රෝද පුටු මධ්යස්ථානය.
ජපානයේ සකුරා රෝද පුටු ආයතනය විසින් පරිත්යාග කර ඇති රෝද පුටු මේ වනවිට දිවයිනට පැමිණ ඇත.
එම රෝද පුටු නිසි ක්රමවේදයක් යටතේ අවශ්යම පුද්ගලයන් වෙත බෙදා දීමට කටයුතු කරනු ඇත.
මේ සමගම මෙම රෝද පුටු අලුත් වැඩියා කිරීම සඳහා වැඩපිළිවෙලක්ද සකස් කර ඇත.
සෞඛ්ය අමාත්යාංශයේ මැදිහත්වීම යටතේ රෝද පුටු නිශ්පාදන මධ්යස්ථානයක් රාගම පුනරුත්ථාපන රෝහලට අනුබද්ධව ස්ථාපිත කරනු ලබන අතර එය හරහා රෝද පුටු නිෂ්පාදනය කිරීම, අලුත් වැඩියා කිරීම සහ මේ සඳහා කාර්මිකයන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කරනු ඇත.
මෙම ක්රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා නිශ්චිත වැඩ පිළිවෙළක් මෙන්ම අමාත්යාංශ ඇතුළුව ජපාන ජාත්යන්තර සහයෝගිතා ආයතනය(JICA) සමඟ අවබෝධතාවයකට පැමිණීමේ අවශ්යතාවය සාකච්ඡා කෙරුණි.
එසේම මෙම ව්යාපෘතියේ අවසාන ඉලක්කය විය යුත්තේ, ශ්රී ලංකාව තුළ රෝද පුටු නිෂ්පාදනය කිරීමයි.
04. ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන දීමනා ක්රමවත් කිරීම. විවිධ හේතූන් නිසා කීප දෙනෙකුට මෙම දීමනාව නොලැබීම පිළිබඳව පැමිණිලි ලැබී ඇත.
එවැනි තත්ත්වයන් පිළිබඳව අමාත්යාංශ ලේකම් විසින් සෘජුව මැදිහත්වීමට කටයුතු කරන අතර එවැනි දීමනා නොලැබීම පිළිබඳව වාර්තා කරන්නයි ඉල්ලීමක් කෙරුනි.
05. ආබාධ සහිත තැනැත්තන් සඳහා රැකියා අවස්ථා සැපයීම සහ හිතකර රැකියා පරිසරයක් සහතික කිරීම පිළිබඳව පොදු මාර්ගෝපදේශ හා නිර්දේශ.
මේ පිළිබඳව මානව හිමිකම් කොමිෂම විසින් ලබාදී ඇති නිර්දේශවලට අනුකූලව කටයුතු කරනු ඇත.
06. ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ බස් රථ සේවාවක් යෙදවීම.
කොළඹ සහ තදාසන්න ප්රදේශ ආවරණය වන පරිදි බස් රථ දහයක් සේවයේ යෙදීමට දැනටමත් රජය කටයුතු කර ඇති අතර මෙම බස් වලට යොදා ඇති රියදුරු සහ කොන්දොස්තර සේවය වඩා සංවේදීකරණය කිරීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක කරනු ඇත.
07. විශේෂ අධ්යාපන ඒකකවල හා කුසලතා මධ්යස්ථානවල කටයුතු පසු විපරම් කිරීම.
මේ පිළිබඳව විශේෂ අධ්යාපන ඒකකයට හා අධ්යාපන අමාත්යාංශ ලේකම් වෙත දැනුවත් කිරීම කර ඇති අතර, විශේෂ අධ්යාපන ඒකකයේ නියෝජනයක් ජාතික සභාව වෙත ලබා ගැනීමට තීරණය කරන ලදී.
08. ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ විශ්රාම වැටුප් ක්රමයක් ආරම්භ කිරීම පිළිබඳව මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇත.
08 Dec2025

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කේන්ද්‍ර කරගෙන 2025.11.27 දින බුලත්සිංහල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ දී ළඟ පෙනෙන ඇස් කන්නාඩි බෙදා දීමේ ජංගම සේවාවක් පැවැත්විය. මේ සඳහා අඩු ආදායම්ලාභී දෘශ්‍ය  ඌණතා සහිත පුද්ගලයින් 500 දෙනකු පමණ සහභාගි විය. මෙම අවස්ථාවට ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂතුමිය ඇතුළු නිලධාරීන් සහභාගි විය.

Page 2 of 4