වි‍ශේෂ අවස්ථා

13 Feb2026

ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව සංවේදීකරණ වැඩසටහනක් MJF පදනම චිකිත්සක අංශය හා එක්ව ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් 2026.02.05 වන දින පෙ.ව.9.30 සිට ප.ව.12.00 දක්වා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ප්‍රවේශ ශාලාවෙහි (Lobby) පැවැත් විය.ඒ සඳහා අමාත්‍යංශයට අනුබද්ධ ආයතනවල නිලධාරීන් 50 දෙනෙකු සම්බන්ධ විය.

03 Mar2026
සෑම වසරකම මාර්තු පළමුවනදාට (01) යෙදෙන ජාත්යන්තර රෝද පුටු දින සැමරුම මෙවර රාගම රක්තවාතවේද හා පුනරුත්ථාපන රෝහල් පරිශ්රයේදී අද (01) දින පෙරවරුවේ මාගේ ප්රධානත්වයෙන් පැවැත්වුනා.
ලොව පුරා මිලියන සංඛ්යාත ජනතාවකට සංචලතාවය, ස්වාධීනත්වය, ගෞරවය හා අන්තර්කරණය සක්රීය කිරීමේදී රෝද පුටු ලබාදෙන වැදගත්කම කියාපෑම උදෙසා 2008 වර්ෂයේ බ්රිතාන්ය ජාතික උද්යෝගිමත් උපදේශකවරයෙක් වන දිවංගත ස්ටීව් විල්කින්සන් මහතා ජාත්යන්තර රෝද පුටු දිනය ආරම්භකර ඇත.
"සංචලතාව බලගැන්වීම - සැමට ඇතුළත්වූ අනාගතයක් ගොඩනැගීම" යන්න මෙවර එහි තේමාවයි. රාගම රක්තවාතවේද හා පුනරුත්ථාපන රෝහල් පරිශ්රයේදී පැවැති සැමරුම් උත්සවයේදී ජපානයේ සකුරා ආයතනයෙන් පරිත්යාග ලෙස ලැබුණු රෝද පුටු කිහිපයක් ආබාධ සහිත පුද්ගලයන් සඳහා සංකේතාත්මකව ප්රදානය කෙරිණි. 2026 අයවැයෙන් වෙන් කෙරුණු රුපියල් මිලියන 250ක ප්රතිපාදනවලින් ආරම්භ කිරීමට යෝජිත රෝද පුටු නිෂ්පාදන හා අළුත්වැඩියා මධ්යස්ථානයට අදාල භූමිය පරික්ෂා කිරීම හා රොහල් පරිශ්රයේ නිරීක්ෂණ චාරිකාවකටද වුනා.
එක්ව අත්නොහැර අන්තර්කරණය වූ සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් වර්තමාන රජය "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" ප්රතිපත්ති ප්රකාශයෙන් පවරාගත් වගකීම නිසි ලෙස ඉටුකරමින් සිටින බවත්, එමෙන්ම අබාධ සහිත පුද්ගලයන් සඳහා ප්රවේශ අයිතිය තහවුරු කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් ප්රමුඛ කාර්යක් ලෙස හඳුනාගනිමින් ආබාධ සහිත පුද්ගලයන් සඳහා ප්රවේශ පහසුකම් සහ ඊට අදාල යටිතල පහසුකම් දියුණු කිරීමටද සැලසුම් කර ඇති බවත් එහිදී මා විසින් අවධාරණය කළා.
මෙම අවස්තාවට විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිශාන්ත අබේසේන මහතා, ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් නියෝජ්ය අමාත්ය වසන්ත පියතිස්ස මහතා, ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය නිශාන්ත ජයවීර මහතා, ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ස්ටෙෆ්නි ප්රනාන්දු මහතා, පාර්ලිමේන්තු මන්ත්රී සුගත් වසන්ත ද සිල්වා මහතා ඇතුළු මහජන නියෝජිතයන්, ග්රාමීය සංවර්ධන , සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශයේ ලේකම් සම්පත් මන්ත්රිනායක මහතා, අතිරේක ලේකම්වරු, රාගම රක්තවාදවේද හා පුනරුත්ථාපන රෝහලේ නියෝජ්ය අධයක්ෂ වෛද්ය චන්ද්රගුප්ත රණසිංහ මහතා, ආබාධ සහිත පුද්ගලයන්, රෝහල් කාර්යමන්ඩලය ඇතුළු විශාල පිරිසක් එක්වසිටියා.
14 Nov2023

ආබාධ සහිත පුද්ගලයින් සඳහා හදිසි ආධාර ලබාදීමේ වැඩසටහන යටතේ ආබාධ සහිත තැනැත්තන් දැනුවත්කිරිමේ වැඩසටහනක් හා සවිබලගැන්වීමේ වැඩසටහනක් නොවැම්බර් මස 3,4,5,6 දිනවලදී ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,කින්නියා හා මූතුර් හිදී පැවැත්විනි.ආබාධ සහිත තැනැත්තන් දැනුවත්කිරිමේ වැඩසටහන සඳහා පුද්ගලයින් 100දෙනෙකුත් සවිබලගැන්වීමේ වැඩසටහන සඳහා පුද්ගලයන් 30දෙනෙකු බැගින් සහභාගී විය.

12 Dec2023

"ආබාධිත පුද්ගලයින් සඳහා, ඔවුන් සමඟ සහ ඔවුන් විසින් තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට ක්රියාකාරීව එක්සත් වේ" යන තේමාව යටතේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාත්යන්තර දිනයට සමගාමීව ප්රවේශ සංචාරක කර්මාන්ත ප්රවර්ධනය කිරීමේ වැඩසටහන 2023.12.03 දින සමාජ සවිබලගැන්වීම් රාජ්ය අමාත්ය ගරු අනුප පස්කුවල්l මැතිතුමාගේ ප්රධානත්වයෙන් මහනුවර දී පැවැත්විය.මේ සඳහා කාන්තා , ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්යාංශයේ ලේකම්තුමිය, ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂක තුමිය ඇතුළු නිලධාරීන් සහභාගී විය. එමෙන්ම දෙස් විදෙස් ආබාධ සහිත තැනැත්තන් සිය දෙනකු ද සහභාගි විය. කොළඹ කොටුව දුම්රිය ස්ථානය සිට මහනුවර දක්වා දුම්රියෙන් ගමන් ගත් අතර දළදා මාළිගාව වැද පුදාගෙන ආශිර්වාද ලබා ගැනීම හි දී සිදුවිය. ඉන් අනතුරුව පේරාදෙණිය උද්භිත උද්යානය නැරඹීම සඳහා මෙම පිරිස රැගෙන යන ලදී. මෙහි දී වත්තේගම වෘත්තීය පුහුණු ආයතනයේ ආබාධිත දරු දැරියන්ගේ නර්_තනාංග සහිත විනෝදාත්මක වැඩසටහන් පැවැත්විය.

02 Oct2023

ආහාර සුරක්ෂිතතාව හා ජීවනෝපාය සංවර් ධන ප්රතිපාදන හදිසි ආධාර ව්යාපෘතිය යටතේ ආබාධ සහිත පුද්ගලයින් සඳහා ස්වයං රැකියා පුහුණුව ලබා දීමේ වැඩසටහනක් මිණිපේ ප්රාදේශීය ලේකමි කාර් යාලයේදී සැප්තැම්බර් මස 17වන දින පැවැත්විණි.

Page 3 of 4